IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තහනම නොතකා ඇල්ලූ පොකිරිස්සන් 106 ක් මුහුදට මුදාහරී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ  සහ පත්මා කුමාරි )

පොකිරිස්සන් ඇල්ලීම තහනම් මාසවලදී තහනම නොතකමින් ඇල්ලු පොකිරිස්සන් 106 කට ආසන්න සංඛ්‍යාවක් මුහුදට මුදා හැරීමට කටයුතු කළ බව සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

මෙම පොකිරිස්සන් මුහුදේ කූඩු තුළ සගවා සිටියදී නාවික හමුදා නිලධාරින් හා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු අද (29) සොයා ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

කල්පිටියට ආසන්න මුහුදු තීරයේ වෙරළට ආසන්නයේ මීටර් 300 කට දුරින් විශාල කූඩු සකසා ඒවා තුල පොකිරිස්සන් සගවා තිබූ බව ධීවර නිලධාරීහු පවසති.

එසේ කූඩු තුළ දමන පොකිරිස්සන් ජී.පී.එස් තාක්ෂණයෙන් නිරීක්ෂණය කිරීමටත් මෙම ජාවාරම සිදුකරන්නන් කටයුතු කරන බව ධිවර නිලධාරීහු පවසති.

පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස තුළදී කිසිම ආකාරයකින් පොකිරිස්සන් ඇල්ලීම, ළඟ තබා ගැනීම, ප්‍රවාහනය, අළෙවි කිරීම  හා අපනයනය සපුරා තහනම් කර ඇති බව කියයි.

( ඡායාරූප හිරාන් ප්‍රියංකර) 

ඡායාරූප - පත්මා කුමාරි

 

 



අදහස් (0)

තහනම නොතකා ඇල්ලූ පොකිරිස්සන් 106 ක් මුහුදට මුදාහරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 606 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site