(තිලකරත්න දිසානායක.)
ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ හඹා ගිය සුළඟින් නැගෙනහිර වැලිවේරිය ග්‍රාම නිලධාරී වසම් දෙකක නිවාස නිවාස 43 කට අර්ධ වශයෙන් හානි සිදුව ඇත.
අද (27) උදෑසන 5 ට පමණ ඇදහැදුණු ධාරානිපාත වර්ෂාවත් සමග සුළඟ හඹා ගිය බව ප්‍රදේශවාසීහු පැවසූහ.
සුළඟින් උතුර වැලිවේරිය ග්‍රාම නිලධාරී වසමේ නිවාස 15 කට සහ නැගෙනහිර වැලිවේරිය වසමේ නිවාස 28 කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවත් නිවාසලාභීන්ට සහන සැලසීම පිනිස දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් මත අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මිය ප්‍රකාශ කළාය.
කඩා වැටී ඇති ගස් ආදිය ඉවත් කිරීම පිණිස යුද හමුදා යක්කල හමුදා කඳවුර මගින් පියවර ගනු ලබන බවත් ඇය සදහන් කළාය.
සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීම පිනිස ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන, ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක, දිස්ත්‍රික් ආපදාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත, දිස්ත්‍රික් සහකාර ලේකම් අයෝද්යා ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 04
444
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
458
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
413
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තද සුළඟින් වැලිවේරියේ නිවාස රැසකට හානි