(ක.ගකරුණාරත්න)

වර්ෂාව සමඟ ඇතිවූ තද සුළඟ හේතුවෙන් අද(15) සවස  පොළොන්නරුව, වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ගම්මානයේ පිහිටි නිවාස 21කට හානි සිදුවී  ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

මේ හේතුවෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක්  පීඩාවට පත්ව සිටින බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නනායක්කාර මහතා ප‍්‍රකාශ කලේය.

හදිසි ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් පිරිසට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලියු.ඒ.ධර්මසිරි මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මක කර ඇති බවද ඒ මහතා කීය.