(අනීෂා මානගේ)
පුද්ගල ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දීම හා ඝාතනය කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අද(18) අත්අඩංගුවට ගත්තේය.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ රන්න විගමුව ප්‍රදේශයේ පදිංචි හතලිස් හැවිරිදි අයෙක් හා වීරකැටිය හීන්ආර ප්‍රදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි අයෙකි.
තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී පසුගිය මස 23 දින වාහන සේදුම් ස්ථානයකදී එම සේවා ස්ථානයේ හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ අද(18) අලුයම වීරකැටිය හීන්ආර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.