(වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව, වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ කුරින්දිනගර් ප්‍රදේශයේදී ටී.56 ගිනි අවියක් විකිණීමට ගෙනයමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු සමත්වූහ.
සැකකරු ගිනි අවිය පොහොර උරයක බහා ගෙනයමින් සිටි බවත්, ඒ සමඟ ජීව උණ්ඩ 27ක් සහ උණ්ඩ බහාලනයක් සොයාගත් බවත් පොලිසිය කියයි.
මෙම ටී 56 ගිනි අවිය කැලෑ ප්‍රදේශයක තිබී තමන්ට හමුවු බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
සැකකරු සහ ගිනි අවිය වාලච්චේන පොලිසියට භාරදී ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd