(ක.ග.කරුණාරත්න )
අරලගංවිල,අරුණපුර ප‍්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරිමෙන් පසුව අද(18) අලූයම මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ අරලගංවිල,දිවුල්දමන,අංක 75 ලිපිනයේ පදිංචි රත්නායක පේඩිගේ දිනේෂ් නාලක රාජපක්‍ෂ නැමැති 35 හැවිරිදි සිවිල් ආරක්‍ෂක භටයෙකි.
හෙතෙම අරලගංවිල,රත්මල්තැන්න පිහිටි සිවිල් ආරක්‍ෂක උප බළකා මධ්‍යස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි අයෙකු බවද පොලීසිය සඳහන් කලේය.
ටිපර් රථයේ රියැදුරා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd