(සුමතිපාල දීයගහගේ)
දුම්රිය ආරක්ෂක සේවය විසින් අද (17) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පරීක්ෂාවේදී ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ මගීන් 17ත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අලුත්ගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක එක් මැදිරියක් පමණක් පරීක්ෂා කොට මෙම මගීන් 17ත් දෙනා අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක සේවාවේ ගාල්ල ස්ථාන භාර නිලධාරි ලෙස්ලි ආනන්ද මහතා පැවසීය.
මෙම මගීන්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරන බවද ඒ මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු පවරනවා? පිස්සුද?