IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ජවීපෙ - ටීඑන්ඒ සමඟ කිසිඳු සාකච්ඡාවක් පවත්වා නෑ

(මොහොමඩ් ආසික්)

ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමඟ මැතිවරණයක් සඳහා සන්ධාන ගතවීමේ කිසිඳු  සාකච්ඡාවක්වත්  පවත්වා නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අද (24) පැවසීය.

මහනුවර අද පැවැති මෙම මාධ්‍ය හමුවේදී  මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රවුෆ් හකීම් මහතා මෙසේද සඳහන් කළේය.

      ‘‘මම අද මේ මාධ්‍ය සාකච්ඡාව කැදෙව්වේ විශේෂයෙන් අපේ වාර්ෂික නියෝජිත සමුළුවේදී කළ කතාවක කොටසක මම  කිව්ව කාරණාවන් සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුයි.

සුළු සහ සුළු ජාතින් නියෝජනය කරන පක්ෂ එක් වී පුළුල් සන්ධානයක් හරහා ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට  එරෙහිව අපි එක වේදිකාවක් සෑදීමේ වුවමනාවක් සහ සූදානමක් තිබෙන බව කියා සිටියා.

ඒකෙන් මා කිසි විටෙක අදහස් කළේ නෑ.  අපි මැතිවරණයක් සඳහා වූ සන්ධානයකට ලැස්ති වෙනවා කියන අදහසක්.  එහෙම අදහසකින් මම කිසිවිටෙක එම ප්‍රකාශය සිදු කළේ නැති බව මම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන.  

කවුරුත් දන්නා විදිහට ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසය විවිධාකාරයේ වෙනස්  ප්‍රතිපත්ත අනුගමනය කරන පක්ෂ හැටියට  අපිට එවන් පුළුල් සන්ධානයකට එකතුවීම ඉතා අසීරු කාරණයක්.

ඇත්තටම මම අදහස් කළේ  සුළු පක්ෂවලටත් සුළු ජාතින් නියෝජනය කරන පක්ෂවලටත් අභියෝගයට තුඩු දුන්න කාරණා කිහිපයක් තිබෙනවා. ප්‍රජාතාන්ත්‍ර විරෝධී ලෙස එවන් කාරණා ඇති වීම වළක්වා ගැනීම සඳහා අපි අවම න්‍යාය පත්‍රයක් උඩ එකතු වීමක් පිළිබඳවයි මම කතා කළේ.  

ඒ පිළිබඳව පූර්ව සාකච්ඡා කිහිපයක් අපි නායකයින් අතරේ සිදු වී තිබුණත් තවම නිගමනයකට එළඹිලා නැති බවත් කියන්න ඕන .කිසිවිටෙක ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ සමඟ ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසය මැතිවරණයක් ඉලක්ක කර ගනිමින්  සන්ධාන ගතවීමක් අදහස් කළේ නෑ කියන එක පැහැදිලිව කියා සිටිනවා. ඒක විශාල කැළඹීමක් ඇති වෙලා තියෙනවා අපි දැක්කා ජවිපෙ සමහර මන්ත්‍රීවරු මෙ විවේචනය කර  අදහස් ප්‍රකාශ කර තිබුණා.

එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රධාන පක්ෂ පැත්තක තියලා මේ වගේ එකමුතුවකට එන්න හදනවා කියල කිව්ව එක ගැනත් වැරැදි අවබෝධයක් ඇති වෙලා තියෙනවා.මම පැහැදිලිව කියන්න ඕන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් එජාපයත් සමඟ ඇති වන පුළුල් සන්ධානයත් සමඟ එකතු වීමේ සූදානමක් තිබෙනවා.

එහි ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයත් කොටස්කාර පක්ෂයක් ලෙස තරඟ කිරීමට සූදානමින් ඉන්නවා. මම මහනුවර දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වන පුළුල් සන්ධානයෙන් තරඟ කරන්න අදහස් කරනවා.

මම නියෝජිත සමුළුවේ කළ කරුණු නොයෙකුත් නාලිකාවල විකාශනය වෙද්දී ජනතාව වැරදි විදිහට අවබෝධ කර ගන්න ඉඩ තියෙන බව පෙනී ගිහින් තියෙනවා.‘‘යැයිද කීය.

 



අදහස් (2)

ජවීපෙ - ටීඑන්ඒ සමඟ කිසිඳු සාකච්ඡාවක් පවත්වා නෑ

රුවන් Monday, 24 February 2020 12:48 PM

ගොඩක් ප්‍රතිපත්ති වෙනස් උනත් සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය ඔය පක්ෂ තුනටම පොදුයි.

:       0       0

chinthaka Monday, 24 February 2020 03:24 PM

මෙහෙමත් කටේ, දිවේ නොගෑවී බොරු කියන්න පුළුවන් පක්ෂයක් තවත් නැහැ. බොරුව, වංචාව අතින් මේ ගොල්ලෝ දෙවෙනි උනොත් වෙන්නේ අලියට විතරමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1162 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site