IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගුරුකන්ද විහාරය රැක දෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

(රොමේෂ් මධුෂංඛ)
 
මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාර පුද බිම දෙකඩ කිරීමේ උත්සහයක් ඇති බවටත්, ඒ සඳහා විවිධ පාර්ශවයන්ගෙන් සිදුකෙරෙන බලපෑම් වහාම නවත්වන ලෙසටත් ඉල්ලමින් අද (5) විහාරය ඉදිරිපිට දී  ප්‍රදේශවාසීහු පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.

වැලිඔය ඇතුළු ප්‍රදේශ කිහිපයක බෞද්ධ බැතිමතුන් පිරිසක් මෙම උද්ඝෝෂණය පැවත්වූ අතර එයට ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සහභාගී වූහ.

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරය ඇතුළු පුදබිම පුරාවිද්‍යා බිමක් හා පුරාණ විහාර ප්‍රදේශයක් වශයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මුලතිව් අධිකරණයේ දී කරුණු ඇතිව පෙන්වා දී ඇති බවද, එසේ වුවත් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමිය දෙකඩ කිරීමේ උත්සහයක කිසියම් පිරිසක් නිරත වන බවත්, එය වහාම නතර කරන ලෙසත් ඉල්ලා මොවුහු  උද්ඝෝෂණයේ නිරතවූහ.

පසුගිය දින කිහිපය පුරාම ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි පැවසූ පිරිසක් පැමිණ ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පුද බිමෙහි එක් කොටසක් පන්සල සහ අනෙක් කොටස කෝවිල වශයෙන් වෙන් කරන ලෙස දැනුම් දුන් බවත් ඊට අමතරව විවිධ දේශපාලන පාර්ශව මෙම භූමිය වෙන් කිරීමට දැඩි උත්සහයක නිරත වන බවත් ඔවුහු පැවසූහ.



අදහස් (0)

ගුරුකන්ද විහාරය රැක දෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 22 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site