IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගිනි අවි 4 ක් සමඟ වතු මුරකරුවෙකු අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

විදේශීය රටවල නිෂ්පාදිත ගිනි අවි තුනක් හා දේශීයව එකලස් කළ බවට සැලකෙන ගිනි අවියක් බලපත්‍ර නැතිව සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වතු මුරකරුවකු  ගම්පහ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අද (09) සවස අත්අඩංගුවට ගෙන මීරිගම පොලිස් ස්ථානයට බාරදෙනු ලැබීය.

ගම්පහ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ  ස්ථානාධිපතිවරයාට ලද  තොරතුරක් අනුව  මීරිගම මදුරුපිටිය, ලෝලුවාගොඩ ප්‍රදේශයේ  පිහිටි අක්කර 60 ක් පමණ විශාල වත්තක මුරකරු සන්තකයේ තිබී මෙම බලපත්‍ර නොමැති   ගිනි අවි 4  අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  විදේශිය රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ පතරොම් තුවක්කුවක්, විදේශීය රටක නිෂ්පාදිත මැෂින් කොටස හා බැරලය සහිත බද කොටස නොමැති ගිනි අවියක් හා මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවියකි.

මෙම ගිනි අවි අගල් අටක් පමණ විෂ්කම්භය ඇති ප්ලාස්ටික් බටයක අසුරා දෙපසට මූඩි සවිකර ආරක්ෂිතව තබා තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

මෙම ගිනි අවි වන සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගත්තාද නැතහොත් කිසියම් අපරාධයක් කිරීම සඳහා යොදාගෙන ඇතැයිද හෙළිකර ගැනීමට පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (1)

ගිනි අවි 4 ක් සමඟ වතු මුරකරුවෙකු අත්අඩංගුවට

රවින් Thursday, 10 October 2019 05:21 AM

වත්තක්නම් නිත්‍යානුකුල ගිනි අවි තබාගත හැකිනේ . එතකොට ඇයි මේ නීති විරෝධී අවි? කාගේ හරි උවමනා එපා කමක් පිරිමහලා. හාරා අවිස්සුවොත් බළලා එලියට පනියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site