(දිලීප් ජයසේකර)
තණමල්විලදී ගිනි අවි දෙකක් සමඟ දඩයමේ යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩගුවට පත් වුයේ සෙල්ලකතරගම පදිංචි වයස අවුරුදු 33 හා 38 වයස් වල පසු වන සැකකරුවන් දෙදෙනෙකි.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලයක සිට හෝටල් වලට දඩමස් සැපයීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනෙකු බව මූලික පරීක්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන් දැක කැලය තුළට දිව යාමේදී පොලිස් නිලධාරීන් හඹා ගොස් එහි සැඟවී සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා, බෙහෙත් කොටන තුවක්කු දෙක සමඟ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා කතරගම පොලිසියට බාරදී ඇත.
ඔවුන්ව කතරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගිනි අවි දෙකක් - සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට