IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගිනි අවි තුනක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(හේමලතා ඩී.හේවගේ)                                       
 
ගිරිඋල්ල පොලිස්වසමේ හමන්ගල්ල සහ බෝගහයාය ප්‍රදේශවල  කළ මෙහෙයුමකදී ගිනි අවි 3 ක් සහ ජීව උණ්ඩ 14 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද(01) අත්අඩංගුවට ගත් බව කොළඹ විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීහු කීහ.
 
බෝර 12 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 14ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු හමන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකු බවත්, ගිරිඋල්ල බෝගහයායේ පදිංචි 53 හැවිරිදි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ගල්කටස් වර්ගයේ ගිනි අවිය සොයාගැනීමට හැකිවූ බවත් වැටලීමට සහභාගීවූ නිලධාරීහු පැවසූහ.
                                                              
අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවි සහ ජීවඋණ්ඩ සොයා ගැනීමට හැකිවී ඇතිබවද සඳහන් වේ.
                                                          
විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂක මධුරංග මහතා ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග නඩු භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා ගිරිඋල්ල පොලිස්ථානයට භාරදී ඇත.
                                     
ගිරිඋල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ගිනි අවි තුනක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site