(ඩී.කේ.රත්න)

මොනරාගල දඹගල්ල වැලිකටුව ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (2) අත්අඩංගුවට ගෙන ඇතැයි දඹගල්ල පොලීසිය පවසයි.

ගනේමුල්ල, කොස්සින්න, පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකු මෙම ගිනිඅවියත් සමග අත්අඩංගුවට ගෙන ඇත.

දඹගල්ල වැලිකටුව ප්‍රදේශයේ ගිනි අවියක් රැගෙන පුද්ගලයෙකු සැරිසරන බවට දඹගල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා පොලීසියට කොටුවී තිබේ.

කිසියම් අපරාධයක් සිදු කිරීම සදහා මෙම පුද්ගලයා මෙම ගිනිඅවිය රැගෙන එන්නට ඇතයි පොලීසිය සැක කරයි.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. දඹගල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.