IMG-LOGO

ගිනි අවියක් පුපුරා අයෙක් මරුට


(ඔගස්ටින් ප්‍රනාන්දු)

වන සතුන් දඩයම්  කිරිමට  ගිනි අවියක්  සුදානම් කරමින් සිටිය දි එම ගිනි අවිය පුපුරා යාමෙන්  38 වැනි  වියේ පසු වන පුද්ගලයෙකු මිය ගොස් සිටිය දි අද ( 17)  සොයා ගත් බව  ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ආණමඩුව සංඝට්ටිකුලමේ විසු අබ්දුල් කාදරු උමර්ඩීන් ( 38 )නමැති අයෙකි.

මිය ගිය පුද්ගලයා ගිනි අවියක් යොදා ගෙන ප්‍රදේශයේ  වන සතුන් දඩයම් කිරිමට පුරුදු වු අයෙකු බවත් ඒ අනුව ඔහු එසේ සකස් කළ ගිනි අවියක් ද රැගෙන වන සතුන් දඩයම් කිරිම පිණිස සිය නිවසින් පිටව ගිය බවට තොරතුරු ලද බවත් පොලිසිය කියයි.

දඩයම අවසන් කර  ඔහු නිවසට නොපැමිණි නිසා අද (17) ඔහු සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය පිරිසකට  ඔහු ප්‍රදේශයේ අත්හැර දමන ගොවිපලක් තුළ මිය ගොස් සිටියදි හමුවු බවත් ඔහු විසින් සතුන් දඩයම් කිරිමට ගෙන ගිය ගිනි අවිය ද කැබැලි වී  පිපිරිමකට ලක්ව ඒ අසළ වැටි තිබිය දී හමුවු බවත් පොලිසිය කියයි.

මිය ගිය අය වන සතුන් දඩයමට ගිනි අවිය සුදානමින් කරමින් සිටිය දී එය පුපුරා ඒ සමගම ඔහු ද සිය ගොස් ඇති බවට සැක කරන බවත් පොලීසිය සඳහන් කරයි 

සිරුර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂයක් සදහා ආණමඩුව මුලික රෝහල කරා ගෙන ගොස්  ඇති බවත් කියයි. 



අදහස් (0)

ගිනි අවියක් පුපුරා අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 63 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 274 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site