IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගිනි අවියක්-උණ්ඩ-කඩු සමඟ අයෙක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

බෝර 12 ගිනි අවියක්, උණ්ඩ තුනක්, කඩු දෙකක් ඇතුළු ආයුධ සමග පුද්ගලයකු අද(06)  අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලෙවෙල කුකුල් නාපේ  ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකි.

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ පොලිස් සැරයන් ප්‍රදීප් මහතා ද තොරතුරක් මත කෙරුණු වැටලීමේ දී මෙම ගිනි අවිය ඇතුළු ආයුධ අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. අත්අඩංගුවට පත් සැකකරු ගව පට්ටියක් පවත්වාගෙන යන ගොවියකු වන අතර ගව පට්ටියේ ආරක්ෂාව සඳහා මෙම ආයුධ ළඟ තබා ගෙන සිටි බව සැකකරු පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී හෙළි කර ඇත.

නිවසේ මේසයක ලෑල්ලට යටින් සෑදූ රහසිගත පතුලක මෙම අවි ආයුධ සඟවා තිබූ බව පොලිසිය කියයි. දැති සහිත යකඩ මුගුරක්  ද ඒ අතර වූ බව පොලීසිය සඳහන් කරයි.

බෝර 12 ගිනි අවිය බ්‍රසීලයේ නිෂ්පාදනය කරන ලද්දක් බව හඳුනාගෙන ඇත.


ගිනි අවිය සැකකරුට ලැබුණු ආකාරය හා එයින් කිසියම් අපරාධයක් සිදු කර ඇත්දැයි සොයා බැලීමට පොලිස් පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (0)

ගිනි අවියක්-උණ්ඩ-කඩු සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site