(අනීෂා මානගේ)
වීරකැටිය වෑකඳවල ඩී-8 ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් 17 හැවිරිදි පාසල් සිසුවකු ජීවිත්කෂයට පත්ව තවත් 5 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීරකැටිය මොරයාය ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි කේ.ජී.පසිඳු නම් වීරකැටිය මණ්ණාඩුව මහ විද්‍යාලයේ උසස්පෙළ හදාරන ශිෂ්‍යයකු බව පොලිසිය කියයි.
වීරකැටිය වෑකඳවල ඩී8 ප්‍රදේශයේදී මෙම පහරදීම් සිදුව ඇතැයිද තියුණු ආයුධවලින් සහ මුගුරුවලින් සිදුවූ පහරදීම් හේතුවෙන් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා සහ ඔහුගේ පියා බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මෙම ශිෂ්‍යයා රෝහලට ගෙන යන අතරතුරදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ පියා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහු යුධ හමුදා සෙබලෙකු බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් හතරදෙනකු තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මේ සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය පරීක්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
672
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීරකැටියේ ගැටුමකින් 17 හැවිරිදි සිසුවා මරුට