(ජේ. කේ. එල්. චාමින්
 
ගාලු කොටුපවුර මතින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
 
මියගොස් ඇත්තේ සරත් කුමාර නානායක්කාර නැමති  ගොඩකන්ද ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
 
මොහු කොටුපවුර මත වාඩිවීමට යාමේදී  කොටු පවුර මතින්  ලිස්සා ඇදවැටීමෙන් මෙම අනතුරට ලක්ව තිබේ. හමුදා කදවුර පිටුපස කොටුපවුර මතින් මොහු බිමට ඇද වැටී ඇති බව පොලිසිය පවසයි.
 
අනතුරින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇති අතර රෝහලේදී ශල්‍යකර්මයකටද  යොමු කළද ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
 
මියගිය තැනැත්තාගේ හදිසි මරණ පරීක්ෂණය අද (16) කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතය.