(ඩී.ජී. සුගතපාල)
රත්ගම ඕවකන්ද ප්‍රදේශයේදි ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් යතුරු පැදිකරු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ හපුගල පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
ඔහු කුලියට දෙන ලද වෑන් රථයක් සෙවීම සඳහා රත්ගම ප්‍රදේශයට පැමිණ ඊයේ (19) රාත්‍රී ආපසු යමින් සිටියදී හමාගිය තද සුළඟින් යතුරු පැදිය මතට ගසක් කඩා වැටි ඇත.
තුවාල ලැබූ තැනැත්තා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd