(රංජිත්රාජපක්ෂ)
හැටන් වැලිඔය වත්තේ සිට ගම්පොළ දක්වා බලපත්‍රයක් නොමැතිව ලොරි රථයකින් හිංසාකාරි ලෙස මස් පිණිස ගවයන් තිදෙනෙකු ප්‍රවාහනය කළ සැකකරුවෙකු ලොරි රථය සමග හැටන් කොට්ඨස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් (21) දින අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් වැලිඔය ප්‍රදේශයට පිටතින් රැගෙන එන ගවයන් බලපත්‍රයක් නොමැතිව රාත්‍රි කාලයේ ප්‍රවාහනය කරන බවට ළද තොරතුරක් මත හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් හැටන් වැලිඔය ප්‍රධාන මාර්ගයේදි අද (21) අලුයම 3 ට පමණ මෙහෙයුමක් සැකකරුව අත්අඩංගුවට ගැනිමට සමත් වි ඇත.
ධාවනය වෙමින් තිබු ලොරි රථය හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් නතර කරන අවස්තාවේ ජාවාරමේ ප්‍රධාන සැකකරු පලා ගිය බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇති බවයි වැටලිම සිදු කල පොලිස් නිලධාරින් කියා සිටියේ.
ලොරි රථයේ ප්‍රවාහනය කරමින් සිටි ගවයන් තිදෙනෙකුගෙන් එක් ගවයෙකුගේ පාදයක් කඩා තුවාල සිදු කර ඇති බවත්, අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වැටලිම සිදු කළ හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් පැවසිය.


2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගවයින් හොරෙන් ප්‍රවාහනය කළ අයෙක් ගම්පොළදී අත්අඩංගුවට