(ඩබ්ලව්.ඒ. අසේල)
ගලහ රෝහලට ඇතුළත් කොට වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මියගිය වයස අවුරුදු එක හමාරක වයසැති සංකර් සජී ගේ මෘත දේහය අද (29) දෙලතොටවත්ත පිහිටි නිවසට ගෙනු එනු ලැබීය.
මෘත දේහය නිවසට ගෙන එන විට දහසකට අධික පිරිසක් රැස්වී සිටි අතර ප්‍රදේශය පුරා පොලිස් ආරක්ෂාව යොදා තිබුණි.
මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය මහ රෝහලේදී සිදුකළ අතර ඒ පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදෙන ලදි.
ඊයේ දින සිදුවූ සිද්ධිය නිසා එහි සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනා මේ වන විට මහනුවර දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා කාර්යාලයට අනුයුක්ත කොට ඇති අතර අනෙක් කාර්ය මණ්ඩලයේ සියළු දෙනා ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට සේවය සඳහා වාර්තා කර ඇත.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බවත් විරෝධතාකරුවන් එල්ල කළ ප්‍රහාරය නිසා රෝහලට සිදුවූ හානිය පිලිබඳ වාර්තාවක් ලබාදීම සඳහා කණ්ඩායමක් මේ වන විටත් පත්කර ඇති බවත්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා දෙන්නද හදිසි අනතුරු වෙලා ආපු දෙන්නව හා කුඩා දරුවාව බලලා තියෙන්නේ. එක්කෙනෙකුට CPR දෙනකොට අනෙත් කෙනා කොහොමද බලන්නේ. දොස්තරලා 4 දෙනෙක්වත් නැත්නම් මේ රෝහලට යන්න එපා,දොස්තරලට සහ රෝගීන්ට කරන කාරුණික අයාචනයයි.
කතාවේ සියලුම පැතිකඩවල් සොයා බැලීමෙන් අනතුරුව දොස්තරලාගේ නොසැලකිල්ලට නීතියෙන් විතරක් නෙවෙයි ස්වභාවධර්මයෙනුත් දඬුවම් ලැබේවා. රෝහලට හානිය වීමේ මුලික වගකීමත් මේ සිද්ධියට මුලික වුනු උදවියටම ලැබිය යුතුයි. මොනවා වුනත් අම්මගේ තාත්තාගේ දුක දැක්කම අපිටත් ඒ දුක දැනෙනවා. දරුවාගේ මරණයට වග කියා යුතු අයව පොලිස් ආරක්ෂාව මැද හරි මේ අම්මා තාත්තා විඳවන හැටි ගෙනල්ල පෙන්නන්න.