(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය පොලිස් වසමට අයත් කහදූව හා පිටුවල අම්බන ප්‍රදේශවල ජනතාව භීතියට පත්කරමින් තියුණු ආයුධ අතැතිව යතුරු පැදි තුනකින් ගම්දෙවනත් කරමින් ඊයේ (01) සවස සැරි සැරූ කණ්ඩායමක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම කණ්ඩායම ආයුධ අතැතිව යතුරු පැදිවලින් සැරිසරමින් ගම්වාසිහූ බියට පත්කරමින් සිටියදී රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියකු දුන් තොරතුරු මත පොලිස් කණ්ඩායම් දෙකක් ගොස් එම මැර කණ්ඩායම අත් අඩංගුවට ගැනීමට උත්සාහ දරද්දී ඔවුන් යතුරු පැදි දමා පැනගොස් තිබේ. පසුව පොලිසිය විසින් එම යතුරු පැදි තුන අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් අරඹා ඇත.
COMMENTS
Reply To:
-