(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක සභිකයින් සිව්දෙනෙකු ඔවුන් නියෝජනය කළ දේශපාලන පක්ෂයේ සාමාජිකත්වය අවසන් කිරීම හේතුවෙන් එම සභික ධුර පුරප්පාඩුව ඇතැයි තේරීම් බාර නිලධාරි කේ.ජේ.සම්පත් මාධව මහතා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
මෙසේ මන්ත්‍රීධූර අහිමි ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මීගමුව මහනගර සභාවේ දොන් ලලිත් ඩෙන්සිල්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව නියෝජනය කළ ඉසුරුජිත් උදිිත විදාන, මීරිගම ප්‍රාදේශීය සභාවේ සුනේත්‍රා සමරකෝන් හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ අයේශා මධුෂාණී වර්ණකුලසූරිය යන මහත්ම මහත්මීන් සිව් දෙනාගේය.
මෙයට අමතරව දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුවූ මහින්දරත්න සිල්වා සහ එහි සභාපතිවරයා වූ නන්ද කුමාර සකලසූරිය යන මහත්වරුන් මරණයට පත්වීමේ හේතුවෙන් එම මන්ත්‍රී පදවි දෙක හා දිවුලපිටිය ප්‍රාදේශීය සභාවෙි සභාපති පදවිය ද මේ වන විට පුරප්පාඩුව පවතී.
2025 දෙසැම්බර් මස 04
445
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
458
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
414
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගම්පහ පළාත් පාලන ආයතන 4ක පුරප්පාඩු