(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු ත්‍රි රෝද රථ හා යතුරුපැදි සොරාගෙන ඒවා වර්ණ ගන්වා හා අමතර කොටස් ලෙස විකිණූ සංවිධානාත්මක සොර කල්ලියක සාමාජිකයන් අටදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
එම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරිමේ දී එලෙස සොරා ගෙන තිබූ ත්‍රි රෝද රථ 17 ක්, යතුරුපැදි 4 ක්, කොටස් කරන ලද ත්‍රි රෝද රථ 5 ක්, ත්‍රි රෝද රථ එන්ජින් 4 ක් සහ අංක තහඩු 12 ක් පොලිසිය බාරයට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd