(සිතුම් චතුරංග)
කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 79, ග්‍රෑම් 900ක් සමඟ පුද්ගලයින් තිදෙනකු අද(12) උදෑසන කන්කසන්තුරය, කීරමලේ වෙරළ තීරයේදී අත්අඩංගුවටගත් බව යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙම කේරළ ගංජා තොගය මෙරටට රැගෙනවිත් මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක අසුරා කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබිණි.
සොයාගත් කේරළ ගංජා තොගය විශාල පොලිතීන් බෑග් තුනක අසුරා තිබූ බවත්, එහි තිබී කුඩා ප්‍රමාණයේ කේරළ ගංජා පාර්සල 38ක් සොයාගත් බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.
අත්අඩංගුවටගත් සැකකරුවෝ මන්නාරම, සාලේ අඩි හා වෙත්තලකේනී ප්‍රදේශයන්හි පදිංචි 33ත් 61 අතර වයසේ පසුවන්නෝ වෙති.
සැකකරුවන් පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යාපනය මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

2025 දෙසැම්බර් මස 18
658
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියක කේරළ ගංජා සමඟ 3ක් අල්ලයි