
(රේඛා තරංගනී ෆොන්සේකා)
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිස් වූ පුරපති ධූරයට අයි.එම්.බී.ප්‍රේමලාල් මහතා අද (15) නිතරගයෙන් පත්විය.
මහමැතිවරණයෙන් හිටපු පුරපති වන මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වීමත් සමඟ කෝට්ටේ පුරපති ධූරය හිස්විය.
බස්නාහිර පළාත් කොමසාරිස් කසුන් ඈපා සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පුරපති තේරීමේ විශේෂ සභාව පැවති අතර එහිදී නාගරික මන්ත්‍රී කර්නල් සමිත මනෝජිත හේවා මහතා ඉමදූව මහතාගේ නම යෝජනා කළ අතර දමිත පුෂ්පකුමාර මහතා විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd