IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


කොරෝනා මර්දනයට රත්තොට වැඩසටහන් රැසක්

(මහේෂ් කීර්තිරත්න)
 
පවත්නා තත්ත්වය හේතුවෙන් රත්තොට කොට්ඨාසයේ ජනතාව උදෙසා අවශ්‍ය පහසුකම් සැලසීම සහ ආරක්ෂාකරගැනීම සඳහා වන ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවක් අද (25) පෙරවරුවේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
 
මෙම රැස්වීම රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් සහ රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.ජී.ටී.කුමාරසේන යන මහත්වරුන්ගේප්‍රධානත්වයෙන්පැවැත්විණි.
 
රත්තොට කොට්ඨාසයේ ජනතාවට අවශ්‍ය එළවළු,අත්‍යවශ්‍ය භාණ්ඩ,වියලි ආහාර ද්‍රව්‍ය,ගෑස්,බේකරි නිශ්පාදන,මස්,මාළු යනාදීය ජංගම රථ ඔස්සේ සෑම වසමකටම බෙදා හැරීම සඳහා රත්තොට වෙළඳ සංගමය මේ වනවිට කටයුතු කරමින් පවතී. හෙට සිට ජංගම රථ ඔස්සේ රත්තොට ග්‍රාම නිලධාරී වසම් 54 පුරා බෙදා හැරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. අදාල බෙදාහැරීම් සිදුකරන ජංගම රථ සඳහා පොලිසියේ සහය ලබාදෙන අතර බෙදා හැරිම් කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසේ.
 
එසේම හිඟයක්ව පවතින පොල් ගැටළුවට කඩිනමින් පියවර ගැනීමට සාකච්ඡා වු අතර අවශ්‍ය ඖෂධ පිළිබඳව වසම් මට්ටමින් තොරතුරු ලබා ගනිමින් රෝගින් සඳහා රත්තොට රෝහල මගින් නිකුත්කිරීම සහ ඒවා සම්බන්ධීකරණ නිලධාරින් මගින් නිවෙස් වෙතම ලබාදීම සිදුවේ. මෙහිදි අත්‍යවශ්‍ය රෝගීන් සඳහා ඖෂධ රත්තොට රෝහල මගින් අදාල බෙහෙත් තුණ්ඩු රැගෙන පැමිණෙන නිලධාරීන් වෙත නිකුත් කරන අතර මිලදී ගැනීම් අවශ්‍ය ඖෂධ ලබාගැනීමට සහයක නිලධාරින්ට පමණක් අවස්ථාව ලැබේ. රෝහලේ නොමැති ඖෂධ මිලදී ගැනීමට ඔසු සැල් විවෘතව තබයි.මහජනතාවට ඖෂධ හල් වෙතට පැමීණීමට අවසර නොලැබේ.සම්බන්ධීකරණ නිලධාරීන්ට පමණක් ඖෂධ නිකුත් කර ඔවුන් මගින් ඖෂධ නිවාස වෙතම සැපයේ.වසම්වල සිටින අසරණ පවුල් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ යාන්ත්‍රණයක් සැකසීම ඇතුලු වසම්වල ස්වේච්ඡා සමිති සහ දානපතින්ගේ සහය මත අසරණ පවුල් වෙත ආහාර සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.එසේම වසම් වල අසරණ පවුල් 10 කට පමණ ප්‍රමාණයකට නොමිලේ එළවළු මල්ලක් ලබාදීමට වෙළඳ ප්‍රජාවෙන් යෝජනා විය
 
 

දැනට රත්තොට කොට්ඨාසයේ පවතින වතුවල සේවය කරන පවුල් සඳහා මාසික වැටුපෙන් අයවන පරිදි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් වතු අධිකාරි මගින් ආරම්භ කර ඇත.මීට අමතරව රත්තොට හින්දු සහ මුස්ලිම් ආගමික මධ්‍යස්ථාන මගින් මේ වනවිට වතු ආශ්‍රීත ප්‍රජාවට අවශ්‍ය ද්‍රව්‍ය නොමිලේ බෙදා හැරිමේ කටයුතු සම්පාදනය කරමින් පවතී.මේ යටතේ විහාරගම වත්ත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීම කඩිනමින් සිදුකරන අතර සෙසු වතු සඳහා කඩිනමින් අදාල කටයුතු සිදු කරනු ඇත.
 
එසේම රෝග ව්‍යප්තිය නවතා ලීම සඳහා පිට ප්‍රදේශවලින් වතු වෙත පැමිණෙන පුද්ගලයන් පිළිබඳව රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කඩිනමින් සොයා බලා කටයුතු සිදු කරයි.
 
නිශ්පාදන මිලදී ගැනීමේ කටයුතු ක්‍රමවත් කිරීම අනුව  ගොවින්ගේ එළවළු සාධාරණ මිලට ගමට පැමිණෙන ජංගම රථ මගින් මිලදී ගැනීම සහ වියලි ගම්මිරස්,වියලි කරාඹු නැටි ආදිය මිලිදී ගැනීම පිළිබඳව මෙහිදි සාකච්ඡා විය.වසම් සඳහා දැනුවත් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස විහාරස්ථාන සහ ආගමික ස්ථාන යොදා ගැනීම සහ වසමට අවශ්‍ය ද්‍රව්‍ය පැමිණෙන වේලාව දැනුම් දීම සහ වෙනත් සම්බන්ධීකරණ කටයුතු සඳහා ආගමික ස්ථාන යොදා ගැනේ.
 
රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීහු,රත්තොට වෙළඳ ප්‍රජාව සහ වෙනත් ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් මේ අවස්ථාවට එක්වූහ.



අදහස් (0)

කොරෝනා මර්දනයට රත්තොට වැඩසටහන් රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site