(සුමතිපාල දීයගහගේ)
කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමට සහ කොරෝනා වයිරසය මර්දනය සඳහා එම ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ පහක මුදලක් වෙන්කර ඇතැයි අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව් ජී නිහාල් ද සිල්වා මහතා පවසයි.
මීට අමතරව අවශ්‍යතා මත සභා අරමුදලින් තවත් මුදල් ලබා ගැනිමට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය තමාට ලැබිඇතැයිද ඒ මහතා පැවසීය.
සතොස සහ සමුපකාර සමිතියෙන් අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන සහන මිලකට ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදිමට කටයුතු යොදා තිබේ.
පානීය ජල ප්‍රශ්නය අතුරලිය ප්‍රදේශයේ ජනතාවට තදින් බලපා ඇති නිසා සභා භූමියේ පිහිටි ළිදකින් ලබා ගන්නා ජලය බවුසර් මගින් ජනතාවට සැපයීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බව සභාපතිවරයා පැවසීය.
තිබ්බොටුවාව නගරය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, විහාරස්ථාන, ගොඩපිටිය මුස්ලිම් දේවස්ථානය ඇතුලු පොදු ස්ථාන රැසක් විෂබීජහරණය කිරිමට පියවර ගෙන ඇති බවද නිහාල් ද සිල්වා මහතා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
381
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා මඬින්න අතුරලිය ප්‍රා. සභාවෙන් ලක්ෂ 5 ක්