IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිත අයෙකුගේ නිවැසියන් නිරෝධායන මධ්‍යස්ථානයකට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී කොරෝනා  වයිරසය ආසාදනය වූ බවට වාර්තා වූ 28 හැවිරිදි පුද්ගලයෙකුගේ මම පියා ඇතුළු  සිව් දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර නිවෙස් දෙකක් අද (10) දා නිරෝධායනයට ලක් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.

මෙසේ නිරෝධායනයට ලක් කරනු ලැබුවේ මත්තේගොඩ ගල්වලදෙනිය ප්‍රදේශයේ නිවසක් සහ දියගම තේ කොටුව ප්‍රදේශයේ නිවසක් බව වෛද්‍ය ධනුක පද්මරාජ මහතා කීය.

මත්තෙගොඩ ගල්වලදෙනිය ප්‍රදේශයේ නිවසක පදිංචි පුද්ගලයකු හෙරොයින් පානයට ඇබ්බැහිවීම නිසා  අධිකරණ  නියෝගයක් මත කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටියදී ඉකුත් (4) දා ඔහු බැලීමට මෙම පුද්ගලයාගේ පියා තවත් හිතවතෙකු සමඟ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට ගොස් ඇති බව පැවසේ.

මේ අතර එම පුද්ගලයාට ඉකුත් (08) දා කොරෝනා රෝගය වැළඳුණු බවට වාර්තා වීමත් සමඟ  යුද හමුදා නිලධාරීන් පැමිණ ඔහුගේ පියා  , මව , සොහොයුරිය සහ පියා සමඟ නිරෝධායන මධ්‍යස්ථානයට ගිය බව පැවසෙන  තේ කොටුව ප්‍රදේශයේ පුද්ගලයකු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය බව කියයි.

පසුව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ මත්තේගොඩ ගල්වලදෙනියේ නිවස සහ දියගම තේකොටුව ප්‍රදේශයේ නිවස නිරෝධායනයට ලක්කළ බව වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා කීය.

ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය  පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර ඇති අතර එහිදී ඔවුන්ට කොරෝනා රෝගය වැළඳුණු බවට වාර්තා වුවහොත් ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ඉදිරි  කටයුතු සිදුකිරීමට නියමිතය.

මේ පිළිබඳව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතාගේ උපදෙස් මත,පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී සමරසේකර මහතාගේ මෙහෙයවීමෙන්,මහජන සෞඛ්‍ය පරීක්ෂක,ජී.පී.එච්.පී.මංජුල, බියගම මහජන සෞඛ්‍ය පරීක්ෂක  රශ්මික මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

කොරෝනා ආසාදිත අයෙකුගේ නිවැසියන් නිරෝධායන මධ්‍යස්ථානයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site