IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොන්දොස්තරට පහර දුන් පෞද්ගලික බස් සේවකයෝ තිදෙනෙක් අත්අඩංගුවට


 

(සම්පත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි) 

ලංකා ගමනාගමනය මණ්ඩලයට අයත්   බදුල්ල  ඩිපෝවේ  දුර ගමන් සේවා   බස් රථ  කොන්දොස්තරවරයකුට  පහර  දී ටිකට් යන්ත්‍රයට  අලාභ හානි  සිදු  කළැයි  කියන  සිද්ධියකට  සම්බන්ධ  පෞද්ගලික  බස් රථ  සේවකයින්  තිදෙනෙකු  අද  (14) අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

බදුල්ල  සිට  කොළඹ දක්වා  ධාවන  කෙරෙන දුර ගමන්  සේවා  ශ්‍රි ලංගම  බස්  රථය  බලන්ගොඩ  නගරයේ  දුර  ගමන්  සේවා  බස්  නැවතුම්පොළෙහි  මගින්   නංවා ගැනීම  සදහා  නතරකර තිබේ.

එම අවස්ථාවේදී  බලන්ගොඩ  සිට රත්නපුර  දක්වා ධාවනය  කෙරෙන  පෞද්ගලික බස් රථවල සේවකයින්  පිරිසක්  ගොස්  ශ්‍රි ලංගම බස් රථ කොස්දොස්තරවරයාට   බස් රථය  රැගෙන  යන ලෙස  දන්වා බැන වැදී ඇත.

 එහිදී ලංගම බස් රථ කොන්දොස්තර  වරයා  පවසා ඇත්තේ   මද වෙලාවකින්  පිටත්ව යන  බවයි.  එහිදී ඇති වු  බහින් බස් විම  දුර දිග ගොස්  පහර දිමක් ද සිදුව  ඇතැයි පොලිසිය පවසයි.

තමන්ට පහර දි ටිකක් යන්ත්‍රයට අලාභ හානි සිදු කළ  බවට ශ්‍රි ලංගම බස් රථ කොන්දොස්තර වරයා  බලන්ගොඩ  පොලිස් ස්ථනය වෙත පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පවසයි.  බව බලන්ගොඩ පොලිසිය පවසයි. 



අදහස් (0)

කොන්දොස්තරට පහර දුන් පෞද්ගලික බස් සේවකයෝ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site