IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොටකෙතන පුද්ගලයකු ඝාතනය කරයි

( ලසන්ත නිරෝෂණ පෙරේරා ) 

කහවත්ත  කොටකෙතන ඕපාත මාර්ගයේ නිවෙසක සිටි 42 හැවිරිදි තිදරු පියෙකු ඝාතනය කර ඇති බව කහවත්ත පොලිසිය පවසයි.

අද  22 වනදා මෙම සිරුර  ගැන  කහවත්ත පොලිසියට මියගිය අයගේ බිරිඳ පැම්ණිළි කර තිබේ .     

එලෙස ඝාතනය කර ඇත්තේ එම්.ඒ.නිස්ශංක නම් පුද්ගලයෙකි. ඔහුගේ සිරුර  වැසිකිළිවලක දමා ඇතැයි පොලිසිය පවසයි .

ඔහුගේ බිරිද සහ දරු තිදෙනා නිවසේ නැති අතර  මෙම ඝාතනය සිදු කර ඇති බව මුලික පරික්ෂණ වලදි හෙළි වී තිබේ .                                                           
මියගිය අයගේ බිරිද සහ දරුවන් දින තුනක සිට නිවසේ නොසිටි බව පරික්ෂණ වලදි හෙළි වි තිබේ . බිරිද ඇයගේ මහ ගෙදර ගොස් සිටි බවත් පොලිසිය පවසයි .                           

මියගිය තැනත්තාගේ නැගණිය  වැසිකිළිවල දෙසින් දුගදක් වහනය විම ගැන කළ සොයා බැලිමේදි සිරුර වැසිකිළිවලේ දමා ඇති බව සොයාගෙන ඇත.               

 ඊයේ දහවල් වනතෙක් සිරුර ගොඩ නොගත් අතර  මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවත්විමට නියමිතව තිබුණි .           

කහවත්ත පොලිසියේ ස්ඨානාධිපති අතුල පෙරේරා මහතා ගේ මෙහයවිමෙන් පරික්ෂණ සිදු කෙරේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත .



අදහස් (0)

කොටකෙතන පුද්ගලයකු ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site