(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් කොළඹ කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේ දී මරණයට පත්වූවකුට අයත් රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ ජංගම දුරකතනය සොරාගෙන උගස්කළ බව කියන පුද්ගලයින් දෙදෙනකු ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය අද (13) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හේකිත්ත වත්තල පදිංචි සීවනු අය්යාදොරේ ත්‍යාගරාජා සහ ජම්පටාවීදිය, කොළඹ 12 පදිංචි ගයාන් චන්ද්‍රසේකර නැමැත්තන්ය.
එමෙන්ම මෙම මරණකරුගේ ජංගම දුරකතනය සන්තකයේ තබාගෙන සිටි පළමු සැකකරුගේ දියණීය වූ ත්‍යාගරාජා දේව දර්ශනී යන අය රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණය නියෝගය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු අධිකරණයේ මෙවන් අයට උපරිම දඩුවම් ලැබේවා. කිසිදින අන්සතු දෙයක් ගැනීමට නොහැකි වන ලෙස ස්වබව ධර්මයා විසින් මොවුන් හට අනාගතය ගත කිරීමට දඩුවම් දෙනු ඇත.