
(ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
කොග්ගල මෝය කට අසළ මුහුදේ නෑමට ගොස් දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන ගිය තරුණයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හබරාදුව පොලිසිය කියයි.
මුහුදේ ගිලුණු ඉතිරි තරුණයා මුහුදේ අතුරුදන්ව ඇති බවත් එම තරුණයා සෙවීමේ මෙහෙයුම් මේ වන විට ප්‍රදේශවාසීන් හා එක්ව ක්‍රියාත්මක කර ඇති බවත් හබරාදුව පොලිසිය කියයි.
අවුරුදු 18 සහ 30 වයස් කාණ්ඩවල පසුවන මෙම තරුණයන් පිරිස ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි. තරුණයන් 5දෙනෙකුගෙන් යුතු කණ්ඩාමක තිදෙනෙකු දිය නෑමට ගොස්තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd