( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර, දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ කල්මුණකුඩි ප්‍රදේශයේදි කේරළ ගංජා කිලෝ හතක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනිමට කල්මුණේ පොලිස් නිළධාරින් සමත්ව තිබේ.
මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු යතුරු පැදියක් සෝදිසි කිරිමේදි ගංජා හමුවි ඇති අතර ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කර නිවෙසක් පරීක්ෂා කිරිමේදී තවත් ගංජා තොගයක් සොයා ගැනිමට පොලිස් නිලධාරින් සමත්ව තිබේ පසුව මෙම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනාද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් කාන්තවන් දෙදෙනා සහ අනෙක් සැකකරු කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එම්.රිස්වාන් මහතා විසින් ඔක්තෝබර් 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd