IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


කේරළ ගංජා සමඟ දෙදෙනෙකු කැබිතිගොල්ලෑවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසිය එක්ව අද (02) කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගෙන තිබේ.
 
උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකපුද්ගලයින් පිරිසක් සහ කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් (02) නිරීක්‍ෂණය කර, වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස ඔවුන් සන්තකයේ සගවා රැගෙන යමින් සිටි කේරළ ගංජා ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
 
සැකකරුවන් දෙදෙනා සහ කේරළ ගංජා   අත්අඩංගුවට  ගෙන ඇති අතර  සැකකරුවන් වයස අවුරුදු 21 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී තිබේ.
 
සැකකරුවන්  පිළිබද වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා කැබිතිගොල්ලෑව පොලිසිය වෙත භාර දී තිබේ.



අදහස් (0)

කේරළ ගංජා සමඟ දෙදෙනෙකු කැබිතිගොල්ලෑවේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 687 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 868 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site