IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් වතු නිවාස රැසක් යටවේ

(රංජිත් රාජපක්ෂ)      
              
බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයට අද (09) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ජලය ගලා බස්නා කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් වතු නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථනාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
 
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්ත පහළ කොටසේ වතු නිවාස 30ක් පමණ ජලයෙන් යට වී ඇති බවත්, නිවාස තුළට ජලය කාන්දුවීමත් සමග පවුල් 29 කට අයත් සමාජිකයන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවත් බගවන්තලාව පොලිසිය කීය.
 
වතු පවුල්වලට අයත් සමාජිකයන් 100 දෙනෙකු පමණ අවතැන් වී ඇත.
 
අවතැන් වූ සාමාජිකයන් බගවන්තලාව කොටියාගල වතු යායේ රෝහලේ තාවකාලිකව පදිංචි කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව  බගවන්තලාව වැවිලි සමාගමේ ප්‍රාදේශීය ප්‍රධාන විධායක නිලධාරී මංජුල සමරකෝන් මහතා පැවසීය.
 
කෙසෙල්ගමුඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක්ද ජලයෙන් යට වී ඇත.
 
කෙසෙල්ගමුඔයේ ජල මට්ටම වැඩිවීමත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ.



අදහස් (0)

කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් වතු නිවාස රැසක් යටවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 142 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 363 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site