(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය සිංහල මුස්ලිම් ගැටුම්වලට අදාළව වෙළඳසල්වලට අලාභ සිදු කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 7 දෙනෙකු වෙනුවෙන් නියම කර තිබූ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳුදා (28) තෙක් කල් තැබීමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය නියම කළාය.
ඉකුත් පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඇතිවූ යම් කළහකාරී තත්වයක් හේතුවෙන් හලාවත හෙට්ටිපොල කටුපොත කුලියාපිටිය පොලිස් බල ප‍්‍රදේශවල යම් යම් කළහකාරී සිදුවීම් වාර්තාව තිබූ අතර මේ මස 12 වැනි දා මුස්ලිම් ව්‍යාපාර කිහිපයකට පහරදීම හේතුවෙන් එලෙස සැකපිට එසේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd