IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කුදරවාලිය විද්‍යාලයට කඩාවැදීම වල් අලි පුරුද්දක් කරගනිති

(ප්‍රියාණි මංගලිකා)

කොටවෙහෙර, කුදරවාලිය විද්‍යාලයට අද (22) අලුයම කඩා වැදුණු වල් අලි රංචුවක් පාසැලේ තිබු ගහ කොළ මෙන්ම  දේපලවලට ද හානි කර ඇත.

පාසැල් දරුවන් විසින් සිටුවන ලද අඹ, පේර, කොස් ඇතුළු විවිධ ගස් වර්ග ද පාසල් ගෙමිදුලේ  වවා තිබු මල් වර්ග ද, පාසලේ පුවරුවලට ද හානි කර තිබේ.

රාත්‍රී කාලයේ පමණක් නොව දිවා කාලයේ ද මෙම පාසැල් ක්‍රීඩා පිටියට වල් අලින් පැමිණෙන බැවින් දරුවන් පාසැල් එවීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද මව්පියවරු කියති.

පාසැලේ ගුරු භවතුන් අදහස් දක්වමින් කියා සිටියේ පවතින තත්වය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ද විශාල ගැටලුවක් පවතින බවය.

දරුවන් හා ගුරුවරුන් වල් අලින් විනාශ කළ දෑ ඉවත් කිරීමට සහ ඒවා යථා තත්වයට පත් කිරීමට මහත් වෙහෙසක් ගන්නා අයුරුද දක්නට ලැබුණි.

කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා අදහස් දක්වමින් කියා සිටියේ, කොටවෙහෙර ප්‍රදේශයේ සිටි වල්අලි රංචුවෙන් කොටසක් මෙහෙයුමක් මගින් ඉඟිණිමිටිය රක්ෂිතයට රැගෙන ගිය බවත්, ඉතිරි කොටස ද ඉතා ඉක්මණින් රැගෙන යාමට පියවර ගන්නා බවත් ය.



අදහස් (0)

කුදරවාලිය විද්‍යාලයට කඩාවැදීම වල් අලි පුරුද්දක් කරගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1112 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site