(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය වඩත්ත ප්‍රදේශයේ දී මාස හයකට ඉහත කුකුලන් පැටවු ලොරි රථයක් කොල්ල කෑමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අද (18) අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
පසුගිය අප්‍රේල් මාසයේ 3 වන දින කොට්ටුකච්චිය මහකුඹුක්කඩවල මාර්ගයේ වඩත්ත අලුවකැටේ බොක්කුව අසලදී 13,99,500 වටිනා කුකුලන් 2592 ක් සමඟ ලක්ෂ 50 කට ආසන්න වටිනාකමින් යුත් ලොරි රථයක් මෙලෙස පැහැර ගෙන තිබිණි.
කුකුලන් පැටවු ලොරි රථය පැහැර ගැනිම සිදුවන අවස්ථාවේදි එහි සිටි රියදුරුව රැගෙන ගොස් පැහැර ගැනිම සිදුවු ස්ථානයට මිටර් 50 කට ආසන්න දුරකින් වු කොට්ටුකච්චිය ජලාශය ඉස්මත්තේ ගසක ගැට ගසා දමා ගොස් තිබු බව පොලිස් පරික්ෂණ වලදී සනාථ වි තිබුනී.
කෙසේ නමුත් කුකුලන් සමග පැහැර ගත් විශාල ලොරි රථය පමනක් ඇහැලියගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සිද්දියට දින කිපයකට පසු හමුවි තිබු බව කියයි.
කෙසේ නමුත් මෙම සිදුවිම ආණමඩුව පොලිසියට බරපතල අභියෝගයක් ගෙන දී තිබු අතර මාස කිපයක් යන තුරුත් කිසිදු හෝඩුවාවක් නොතිබු මෙම පැහැර ගැනිම සොයා ගැනිම සදහා ආණමඩුව පොලිසිය දැඩි උත්සහයක නිරත වි තිබුනී.
පොලිසිය දිගින් දිගටම සිදුකළ විමර්ශන වලට අනුව පැහැර ගැනිමට සම්බන්ධ ප්‍රධාන මහ මොළකරු සමඟ අනෙක් සැකකරුවන් තිදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් පිරිස සුළු පරිමාණ කුකුළු මස් ව්‍යාපාරයේ නිරතවන්නන් බවත් මොවුන් පුගොඩ, පැපිලියාවල , හා අනුරාධපුර ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුලන් පැටවූ ලොරියක් කොල්ල කෑ සැකකරුවන් අත්අඩංගුවට