(උපාලි රණවීර)

කැලණිය ගගේ රංවල තොටුපොලේ දියනෑමට ගොස් දියේ ගිලී අනතුරුදන්ව තිබු උසස්පෙළ සිසුන් දෙදෙනාගේ සිරුරු දින දෙකකට පසුව පුගොඩ තරාල බුලත් බාන තොටුපොළ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන්  අද (03) දහවල් සොයාගෙන ඇතිබව පොලිසිය කියයි.

මෙහිදී රොසර් වාසනා පීරිස් සිසුවාගේ සිරුර ප්‍රථමයෙන්ද සහන් උපෙක්ෂල පෙරේරා සිසුවාගේ සිරුර ඊට පැයකට පසුවද හමුව ඇති බවද පොලිසිය පවසයි.

සිරුර ගොඩගන්නා අවස්ථාවේදී හදුනාගත හැකි තත්වයේ තිබී ඇති අතර එම ස්ථානයට ගිය පුගොඩ හදිසි මරණ පරීක්ෂක වෛද්‍යාර්ය විජේසේන හපුආරච්චි මහතා හදිසි මරණ පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සදහා වතුපිටිවල රෝහලට රැගෙන යනලෙස පොලිසියට නියම කලේය.
 
සිරුරු ගොඩගත් අවස්ථාවට එම සිසුන්ගේ දෙමාපියන් ඇතුලු ඥාතීහු ද ප්‍රදේශවාසීන්ද පැමිණ සිටියහ.