IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කැබ් - ත්‍රි රෝද අනතුරින් දරුවකු මරුට

(මොරගහහේන - කේ. බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් මාර්ගයේ සාලාව මංසන්ධිය ආසන්නයේදී කැබ් රථයක් සහ ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (07) දින රාත්‍රි 10 ට පමණ සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කළ තිදෙනෙකු අතරින් 8 හැවිරිදි දරුවකු මිය ගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.

අනතුරට පත් ත්‍රිරෝද රථයෙහි පැමිණි පිරිස නවගමුව පත්තිනි දේවාලයේ බාරයක් ඔප්පු කිරීමට ගොස් ආපසු අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ ඥාති නිවසකට යන අතරතුර අවිස්සාවේල්ල දෙස සිට හංවැල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සිදු කළ මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථයෙහි රියදුරුද සමගින් 6 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් තුවාල ලැබූ ත්‍රි රෝද රථ රියදුරු සහ කාන්තාවක් අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.

මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම පන්නගමුව සතොස පාර පදිංචිව සිටි ළමාහේවගේ නයනක දිනත් නමැති 8 හැවිරිදි පිරිමි දරුවෙකු වන අතර මිය ගිය දරුවාගේ දේහය අවිස්සාවේල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අද (08) දහවල් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත වේ.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (08) දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොස්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කැබ් - ත්‍රි රෝද අනතුරින් දරුවකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site