
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දික නිරෝෂණ)
ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී අද (06) කැබ් රථයක යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු මියගොස් ඇතැයි කහවත්ත පොලිසිය පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ කාවින්ද ලක්ෂාන් නැමැති 21 හැවිරිදි රක්වාන කැන්දේපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ විරුද්ධ දෙසට ධාවනය වී යතුරු පැදියේ ගැටී ඇති බවත් කැබ් රථයේ ගැටුණු යතුරු පැදිය අඩි 15 ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු කහවත්ත මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කහවත්ත පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd