(මනෝජ් හර්ෂික)
දිවයිනේ වෙරළ වටා ඇති කැඩී බිඳී ගිය බහුදින යාත්‍රා මේ වසර නිමවීමට පෙර වෙරළ තීරයෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අදාළ අංශවලට අද (11) උපදෙස් දී තිබේ.
අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අමාත්‍යාවරයා නිලධාරීන්ට මේ පිළිබඳව උපදෙස් ලබාදුන්නේය.
පාරිසරික හානියට මෙන්ම ඩෙංගු උවදුරටත් පිළියමක් වශයෙන්, මෙම බහුදින යාත්‍රා ඉවත්කිරීමට තීරණය කළ බවද ඒ මහතා පැවසීය.
මෙලෙස භාවිතයෙන් ඉවත් කරන ලද බහුදින ධීවර යාත්‍රා ගැඹුරු මුහුදේ ගිල්වා මත්ස්‍ය ඒකරාශී ඇටවුම් සකස්කරන ලෙසත් එමගින් මත්ස්‍ය සම්පත වර්ධනය වනු ඇතැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
භාවිතයෙන් ඉවත්කළ බහුදින ධීවර යාත්‍රා ඉවත් කිරීම මගින් වරාය පරිශ්‍රයේ ඉඩපහසුකම් ලබාගැනීම සහ නොදිරන අපද්‍රව්‍ය වශයෙන් පවතින ෆයිබර් ග්ලාස් පරිසරයට මුදා හැරීමෙන් වන පාරිසරික හානිය අවම කරගත හැකි බව ද අමාත්‍යවරයා එහිදී කීය.
මෙමගින් මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශයට පත් කොරල්පර වැනි පරිසර පද්ධති වෙනුවට විකල්ප පරිසර පද්ධති ඇතිකිරීමෙන් මත්ස්‍ය අභිජනන ස්ථාන වැඩිකිරීම තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


2025 දෙසැම්බර් මස 18
495
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැඩී බිඳී ගිය ධීවර යාත්‍රා වෙරළෙන් ඉවත් කිරීමට පියවර