(රවීන්ද්‍ර ලියනගේ)
දින පහක් නිවසින් අතුරුදහන්ව සිටි විවාහක කාන්තාවකගේ සිරුරක් වෙන්නප්පුව කොස්ගස්හන්දියට නුදුරින් පිහිටි ගිංඔයේ තිබී අද (09) දහවල් සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ දෙමටපිටියේ පදිංචි කේ. දිලිනි ප්‍රියංගිකා මධුෂානි (32) නැමැති කාන්තාවකගේ බව ඥාතින් හඳුනාගෙන ඇත.
මියගිය කාන්තාව දින 5 කට පෙර සිට අතුරුදහන් වී ඇති බවට ඇයගේ සැමියා පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.
ගිංඔයේ මාලු ඇල්ලීමට ඊයේ (08) සවස ගිය අයකු සිරුර දැක වෙන්නප්පුව පොලිසියට දැන්වීමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා සිරුර හලාවත මහ රෝහලේ මෘත ශරීරාගාරයට යැවූ බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පරික්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd