
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර නාගොඩ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම පලාගොස් තිබූ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැකසහිත රෝගියා අද (29) මහ වස්කඩුව ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වූ බව කළුතර උතුර පොලිසිය කියයි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (28) මෙම පුද්ගලයා නාගොඩ මහ රෝහලේ වාට්ටුවකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිට ඇතැයි පොලිසිය කියයි.
වයස අවුරුදු 38 වන එම පුද්ගලයා අද පෙරවරු 7.30 ට පමණ නාගොඩ රෝහලින් පලාවිත් මතුගම සිට කලුතර දක්වා ධාවන වන බස් රථයකින් කළුතර නගරයට පැමිණ ඉන් අනතුරුව ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථකින් වාඩියමංකඩ ප්‍රදේශයට පැමිණ නිවස කරා කරා පාගමනින් යමින් සිටියදී ලද තොරතුරක් අනුව සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අදාල සැක සහිත රෝගී පුද්ගලයා ගමන් ගත් බව කියන බස් රථ දෙක සොයා ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව කළුතර උතුරු පොලිසියේ පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා මහතා පැවසීය.
කළුතර උතුර පොලීසිය රෝගියා නැවත රෝහල් ගත කිරීමට කටයුතු කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.