IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කහ වලට සහල් මිශ්‍ර කර අලෙවි කරන ස්ථානයක් වටලයි

(චමිල් රුපසිංහ)

කහ වලට සුදු සහල් මිශ්‍ර කර මහා පරිමාණයෙන් අලවි කරණ ස්ථානයක් වටලා, අපිරිසිදු කහකුඩු කිලෝ 82 ක් අත් අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය පවසයි.

මහනුවර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත අද (22) පස්වරුවේ එම් ස්ථානයට බුද්ධි නිලධාරින් යන විටද කහ වලට සුදු සහල් මිශ්‍ර කර ඇඹරුම් යන්ත්‍රවලින් අඹරමින් සිටි බවද පොලිසිය පවසයි.

දවුලගල බුවැලිකඩ ගෙලිඔය මාර්ගයේ මෙම ඇඹරුම්හල පිහිටා තිබෙන අතර එම ඇඹරුම්හලේ හිමිකරු හා පුස්සැල්ලාව වහුගහපිටිය ප්‍රදේශවල සිට සේවයට පැමිණි සේවකයින් 3 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.

පොලිසිය කළ විමර්ශනයේදී මෙම අපිරිසිදු කහ දඹුල්ල, කල්මුණේ, කෑගල්ල, මාවනැල්ල සහ කාත්තංකුඩි යන ප්‍රදේශවල වෙළෙඳසැල්වලට අලෙවි කරනු ලබන බව සැකකරු පවසා ඇති අතර මෙම අපිරිසිදු කහ අලෙවි කරන ලද වෙළෙඳ සැල් සෙවීම සදහා විමර්ශනයක් ඇරඹු බව දවුලගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් අබේවර්ධන මහතා පැවැසිය.

මෙම අපිරිසිදු කහ සැකසුම් කරන ඇඹරුම්හල වැටලීමෙන් පසුව පාරිභොගික අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානි ඒ.එම්.ජේ. සමන්ත අතපත්තු මහා සහ නිලධාරින් එම ස්ථානයට පැමිණ එහි කහ හා කහ කුඩු සැකසීමට භාවිතා කරන ලද සුදු සහල් කුරුදු පොතු සහ අනිකුත් ද්‍රව්‍ය සාම්පල ලබා ගත්තේය.

ඒවා රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවත්, නිසි බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති මෙම ඇඹරුම් හල මුද්‍ර තැබු බවත්, සැකකරුවන් ඉදිරියේදී ගම්පල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පාරිභොගික අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානි ඒ.එම්.ජේ. සමන්ත අතපත්තු මහතා පැවසීය.



අදහස් (0)

කහ වලට සහල් මිශ්‍ර කර අලෙවි කරන ස්ථානයක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site