(ඔගස්ටින් ප්‍රනාන්දු)

වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ආරක්ෂා කළ යුතු මුහුදු ජීවියකු වන කස මෝරුන් දෙදෙනෙකු ඈත දියඹේ දී අල්ලා මරා ගොඩ බිමට ගෙන එමින් සිටි එක් දින යාත්‍රාවන් දෙකක පුද්ගලයින් 6 දෙනෙකු අද (7) අත් අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත ඒකකය පවසයි.

එම යාත්‍රා දෙක සෝදිසි කළ අවස්ථාවේ දි ඝාතනය කර තිබු මෙම කස මෝරුන් දෙදෙනා එම යාත්‍රාවල තිබි සොයා ගත් අතර පසුව එම යාත්‍රා දෙක හා ඒවායේ සිටි ධීවරයින් 6 දෙනා සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ හලාවත අලුත්වත්ත හා වැල්ල ධීවර ගම්මා‍නයේ පදිංචිකරුවෝ වෙති.

මෙම ධීවර කාර්මිකයින් 6 දෙනා මුහුදු ගොස් බිලී කොකු මගින් මසුන් මරණ අතර සිය බිලී කොකු දෙකට මෙම කස මොරුන් හසු වී ඇති බවත් ඒ සමඟ ඔවුන් විසින් වෙනත්  මසුන් වර්ගයන් ද බිලී බාගෙන ඇති බව අනාවරණය වී ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.