(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම බාදුරාගොඩ ප‍්‍රදේශයේදී කසිප්පු බීමෙන් පසු රෝගාතුරව මියගිය දෙදෙනෙකුගේ දේහයන් ඔවුන් කසිප්පු පානය කළ බව කියන පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට ගෙනගොස් ඒම නිවස ඉදිරිපිට මාර්ගයේ දේහයන් දෙක තබා ඥාතීන් සහ ප‍්‍රදේශවාසීහු අද (05) විරෝධතාවයක නිරතවූහ.
වත්තේමුල්ලේ පදිංචිව සිටි දෙදරු පියෙකු වූ මංජුල පද්මකුමාර නැමැත්තාගේ දේහය සුසානභූමිය වෙත ගෙන යන අතරතුර මීරිගම මීගමුව මාර්ගයේ පොත්තෙවෙල ප්‍රදේශයේ මාර්ගය අයිනේ තබාගෙන මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප‍්‍රදේශවාසීහු විරෝධතාවයේ නිරතවූහ.
ලක්ජයගම පදිංචිව සිට මියගිය එස්.ජී. ඇන්ටනි නැමැත්තාගේ දේහය රැගත් පිරිසක්ද එම ස්ථානයට පැමිණ ඔවුහු කසිප්පු ව්‍යාපාරිකයාට හා මෙම සිදුවීමේදී පොලිසියේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් විරෝධය පල කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd