IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කතරගම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අසළ මිය ගිය අලි පැටවෙක්

(එම්.කේ. නන්දසේන)

කතරගම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අසල අලිපැටියෙකු මිය ගොස් සිටියදී අද (24) සොයාගත් බව කතරගම වනජීවී කාර්යාලය කියයි.

අවුරුදු පහක්,⁣ හෝ හයක් වයස සිතියහැකි මෙම අලි පැටියා කතරගම ප්‍රාදේශීය සභාව කසළ බැහැර කරන රජමාවත කසළ  අංගනය අසළ දින දෙක තුනක් අසනීපව සිට ඇති බවත්, එම අලි පැටියාට වනජීවී නිලධාරීන් ප්‍රථිකාර ලබාදී ඇතැත් අද (24දා) උදෑසන මියගිය බව ඌව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

 මෙම අලි පැටියා සම්බන්ධයෙන් වනජීවී පශුවෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ආහාර සමඟ විෂක් ශරීර ගතවීමෙන් සිදුවූ මරණයක් බවට වාර්තාවක් ලබාදී ඇත. 

 මෙම අලි පැටියාගේ මරණය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්  තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කර ඇත.වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් මත ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වය.



අදහස් (0)

කතරගම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අසළ මිය ගිය අලි පැටවෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site