(මොහොමඩ් ආසික්)
මහනුවර මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක් කසළ බැහැර කිරීම සඳහා භාවිත කරන කටුගස්තොට තේක්කවත්ත නමැති ඉඩමේ පිහිටි කසළ කන්දේ කොටසක් නාය යෑමට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
කසළ කන්දෙන් එක් විශාල කොටසක් විශාල ශබ්දයක් නගමින් නාය ගිය ගිය බවත් එම කසළ තම නිවස ආසන්නයට පැමිණීම නිසා තම ඉඩමේ ද කසළ ගොඩ ගැසී ඇති බවත් නාය යෑම සිදුව ඇති ස්ථානය ආසන්නයේ පදිංචිව සිටින එච්. කේ. අනුර මහතා කීය.
“මේ ගැන අපි මීට පෙරත් අවශ්‍ය අයට දැනුම්දීලා තියෙනවා. නමුත් පිළියමක් ලැබුණේ නෑ. ඔවුන් ප්‍රශ්නය විසඳනකම් අපට නිහඬව ඉන්න කියනවා. නමුත් විසඳන්නේ නෑ” යැයිද ඔහු කීය.
තේක්කවත්තේ නාය නොයන කොටස නිලධාරීන් විසින් ඉවත් කර ඇති බවත් අවදානම සහිත කොටස තවමත් ඒ ආකාරයෙන් පවතින බවත් දිනෙන් දින එම අවදානම වැඩි වන බවත් තේක්කවත්ත ශ්‍රී බෝධිමළු විහාරාධිපති පූජ්‍ය ලස්සනගම චන්දෝදය හිමියෝ සඳහන් කළහ.
දුර්ගන්ධය හේතුවෙන් ප්‍රදේශවාසීන් පීඩාවිඳින බව තේක්කවත්ත සුරැකීමේ පරිසර එකමුතුවේ ජේ. බී. වීරසේකර මහතා පැවසීය.
කටුගස්තොට තේක්කවත්ත නමැති ඉඩමේ පිහිටි කසළ කන්දේ තවත් කොටස් නාය යෑමේ අවදානම පවතින බැවින් වහා ක්‍රියාමාර්ගයක් ගෙන අදාළ පහසුකම් සලසන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.




2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කටුගස්තොට තේක්කවත්ත කුණු කන්දත් නායයයි