IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඔරුවක් පෙරැළි අට හැවිරිදි දරුවෙක් මරුට

( වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී ලියනආරච්චි)
 
අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ නවගිරියාව වැවේ පිරිසක් ඔරු පදිමින් සිටියදි ඔරුව  තුල සිටි වයස අවුරුදු අටක දරුවෙක් වැවට වැටි මියගොස් තිබේ.
 
සිසුන් කණ්ඩායමක් ඔරුවේ අයිතිකරු සමග නවගිරියාව  වැවේ ඔරු පැදිමට ගොස් තිබේ. දෙමව්පියන්ගේ අවසරය මත  ඔරු පැද ඇති අතර ඔරුවේ  ටික දුරක් ගිය විට නැවත හරවා ගෙන එන ලෙසට දෙමව්පියන් ඔරුව පදින පුද්ගලයාගෙන් ඉල්ලිමක් කරඇත.
 
 ඔරුවේ සිටි දරුවන්ද ආපසු  ඔරුව හරවන ලෙස ඉල්ලිමක් කලත් ඔරුව පදින ලද පුද්ගලයා එම ඉල්ලිම ඉවත දමමින් තවත් දුරට ඔරුව පැද ඇති අතර වැව තුලදී මාලු දැලක් දැමිමට යෑමෙදි ඔරුව  පෙරලි තිබේ.
 
පසුව ඔරුව පදින ලද පුද්ගලයා සහ පිහිනිමට හැකි දරුවන් ගොඩට පිහිනා ඇති අතර එක් දරුවෙක් වැවේ ගිලි මිය ගොස් තිබේ.
 
මෙම ඔරුව පෙරලෙන විට එහි ඔරුව පැදි අය සමග හත්දෙනෙක් එහි ගමන් කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදි හෙලිව තිබේ.
 
 
මේ වෙන විට ඔරුව පදවන ලද පුද්ගලයා උහන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ
 
 මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නවගිරියාව ගම්මානයේ පතිරාජ රණසිංහ මංදාර තාරක 8 හැවිරිදි දරුවෙකි.
 



අදහස් (0)

ඔරුවක් පෙරැළි අට හැවිරිදි දරුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site